මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටාර් රාජ්‍යයේ සංචාරයක නිරතවන අතර තුරදී එරට මහ බැංකු අධිපති ෂෙයික් අල් තානි මහතා හමුවී ඇත.
කටාර් ප්රවෘත්ති සේවය සඳහන් කරන්නේ එහි දී ඔවුන් මූල්‍ය සහ බැංකු ක්ෂේත්රයට අදාළව දෙරට අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා ඇගයීමට ලක්කර ඇති අතර එම සබඳතා තවදුරටත් දියුණු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ කටාර් මහ බැංකුව අතර පවත්නා සහයෝගීතාව ,පශ්චාත් කොවිඩ් ආර්ථික පුනර්ජීවනය සහ ශ්‍රී ලංකා – කටාර් ආර්ථික සබඳතා පිළිබඳව ද එහී දී සාකච්ඡා කළ බව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත.