පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කරන ලද පැමිණිල්ලකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමීන ඇත.
ඊයේ (15) දිනයේදී ද සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 08ක පමණ කාලයක් ප්රකාශ ලබා දී තිබූ අතර අද දිනයේ දී ද පැය 09ක් පමණ සිරිල් ගාමිණි පියතුමන්ගෙන ප්රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.