අද (17) දින පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිලිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ඌව, නැගෙනහිර, උතුර හා උතුරු මැද යන පලාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් සදහා එම උණුසුම් හිරු එලි තත්ත්වය පවතින බවයි.
එම උණුසුම් තත්ත්වය හමුවේ වැඩිවෙලාවක් හිරුඑළියට නිරාවරණය වී සිටීමෙන් විජලනය, මස්පිඩු පෙරලීම හා තෙහෙට්ටුව ඇතිවිය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබේ.














































