අද (09) රාත්‍රියේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් සිව්දෙනාගේ වටයේ අවසන් තරඟය වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟය පැවැත්වීමට නියමිතව ඇත.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ අද තරඟාවලියේ දී ශ්‍රි ලංකා පිළේ වෙනස්කම් දෙකක් සිදු වන බවයි.
ඒ අනුව අද තරඟයේ දී චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු විවේක ගන්වා ඒ වෙනුවට ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි.