- හරක් ප්‍රවාහනය කල ලොරියක් බව අනාවරණය වේ.
- සැකකරුවකු පෝලිස් වෙඩි හමුවේ මරුට.
අඹිලිපිටිය පොලිසියේ පොලිස් නිලධාරීන් රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී අණ නොතකා ධාවනය කරමින් තිබු සැක සහිත ලොරි රථයකට වෙඩි තබා ඇති බව වාර්තාවේ.
එම ලොරියෙන් නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලිසිය සදහන් කොට ඇත්තේ.
අඹිලිපිටිය පැලැස්ස ප්‍රදේශයේදී මෙලෙස පොලිසිය විසින් ලොරි රථය නවත්වන ලෙස අණකරතිබේ. අණනොතකා ධාවනය කල රථයට පොලිසිය විසින් එල්ල කල වෙඩි ප්‍රහාර හමුවේ යාබද කැලෑ පෙදෙසකට ගවයන් මුදා හැර වීරකැටිය දෙසට ලොරි රථය පලා ගොස් ඇති බව සදහන්වේ.
වෙඩි වැදුණු පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලිසිය සදහන් කර තිබේ. ලොරි රථයේ සිටි අනෙක් සැකකරුවන් තිදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පොලිසිය මගින් සිදුකරනු ලබයි.
(මෙම පුවත අප ඊයේ (11) දිනයේ වාර්ථා කල අතර එවන විට වෙඩි තැබීම සිදුකලේ කවුරුන්ද යනවග අනාවරණය වී නොතිබිණි. එමැ පුවත පහතින් දැක්වේ.)
හරක් හොරුන්ට වෙඩි – එක් අයෙක් මරුට.














































