අපවත් වී වදාළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන්ට අමාමහ නිවන් සුව!

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි ඊයේ (27) රාත්‍රියේ අපවත් වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

උන්වහන්සේ අපවත් වන විට වසර 85 ආයු වළදා තිබූ අතර උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේනාධිපතිහිමියන් ලෙස කටයුතු කර ඇත.

අද (28) දිනයේ දී උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව තීරණය කරන බවයි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන සඳහන් කළේ.

Exit mobile version