වාරියපොළ මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයෙන් මිය ගිය තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වී තිබෙන බවට වාර්තා වේ.
අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා (10) සිට අතුරුදහන්ව ඇති බවට ප්‍රදේශවාසීන් පවසා ඇති අතර මොවුන්ගේ මළ සිරුරු වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පතලක තිබී සොයාගෙන ඇති බව සදහන්.
අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35ත් 40 ත් අතර පසුවන්නන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර වාරියපොළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන බව සදහන්.














































