මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් මතට කපන ලද පොල් ගසක් වැටීමෙන් ඊයේ (10) දිනයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අදාළ අනතුර අනුරාධපුරය, නරියන්කුලම හන්දිය, මිහින්තලය මාර්ගයේ දී සිදුව ඇති අතර කොන්ත්රාත් පදනම මත විදුලි රැහැන්වලට අනතුරුදායක ගස් අනාරක්ෂිත ලෙස ඉවත් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
එම අනතුරෙන් 71 හැවිරිදි පහලගම, උස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයේ වයස අවුරුදු 18 සහ 30 පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.