වසරකට පුද්ගලයින් 20,000ක් පමණ ආඝාත රෝගය හේතුවෙන් දුබලතාවයට පත්වන බව ජාතික ආඝාත සංගමය පවසයි.
ආඝාත රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කිරීමෙන් ඔවුන් දුබලතාවයට පත්වීමෙන් වළක්වා ගැනීමේ හැකියාව පවතින බවයි එම සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පෙන්වා දුන්නේ.
ව්‍යෛවරයා සඳහන් කරන්නේ මෙරට තුළ වසරකට ආඝාත රෝගීන් 60,000ක් පමණ රෝහල්ගත කරන අතර ඉන් 4,000ක් පමණ මියයන බවයි.
ආඝාත රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනාගැනීම තුළින් මෙම තත්ත්වය යම් මට්ටමකට පාලනය කරගත හැකි අතර ආඝාත රෝගයේ රෝග ලක්ෂණ කිහිපයක් ද මෙහිදී විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇත.
මුහුණේ ඇතිවන දුබලතාවයක්, කට එක පසකට යෑම හෝ මුහුණ එක් පැත්තකට ඇදවීම, අත ඔසවන විට ඇති වන දුර්වලතා, වචන උච්චාරණයේ දී හෝ භාවිතයේ දී ඇතිවන දුර්වලතා හෝ වචන කතා කිරීමේ ප්රමාදතාවය වැනි ආදිය එම රෝග ලක්ෂණ වන අතර මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ දක්නට ලැබෙනවා නම් වහාම එම රෝගියා රෝහල්ගත කරන ලෙස වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත.