ආණ්ඩුකාරවරුන් 4 දෙනෙකු පිළිබද ජනපති ගත් තීරණය.

සබරගමුව , ඌව , උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස් වන ලෙස දන්වා ජනපති දැනුම් දී ඇති බවත් , ඉදිරි දින කිහිපය තුළ සිය ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස් වන බවත් , නැගෙනහිර පළාත තුළ තමන් සිදු කරන අවසන් ඇමතීම මෙය වන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය ඊයේ (06) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වෙසක් උත්සවයක් අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

නමුත් වාර්තා වන ආකාරයට ඌව පළාත් ආණුඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිදු දැන්වීමක් තමා හට සිදු කර නොමැති බවත් එසේ ජනපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කළ හොත් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බවත් ය.

Exit mobile version