මෙරටින් සොයාගන්නා ලද ක්වීන් ඔෆ් ද ඒෂියා යන නමින් හඳුන්වන ලොව විශාලම ස්වභාවික කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික ලබා ගැනීමට චීනය සහ ඇමෙරිකාව අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මේ වන විට සැලසුම් කර ඇත්තේ මෙම ආසියාවේ රැජින නමැති කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික ජාත්‍යන්තර මැණික් වෙන්දේසිය වෙත ඉදිරිපත් කිරීමටයි.
මෙම මැණික තමන් සතු කර ගැනීමට මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද ලංසු ඉදිරිපත් කර ඇති අතර, ආසියාතික රටක් වන චීනය ද මෙම ලෝ වටිනා මාණික්‍ය ආසියාවටම ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
එමෙන් ම ඇමෙරිකාව ද මේ වන විට මෙම මැණික ලබා ගැනීම සඳහා ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් සිටින බවටයි ආරංචි මාර්ග සඳහන් වන අතර එය පසුව වොෂින්ටන් නුවර පිහිටි ලොව ප්‍රමුඛ පෙලේ කෞතුකාගාරයක තැන්පත් කිරීමට ඔවුන් අදහස් කරයි.
මෙම ක්වීන් ඔෆ් ද ඒෂියා මාණික්‍යය මීට මාස 06කට පමණ ප්‍රථම රත්නපුර – බළංගොඩ ප්‍රදේශයේ පතලකින් හමුව ඇති අතර ,ජෙමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිහිටඩ් ආයතනය විසින් එහි හිමිකාරිත්වය දරණු ලබයි.