නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තවමත් ජනන ධාරිතාව සම්පූර්ණ නොවීම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්ට තාවකාලික විදුලි බිඳවැටීම් තවදුරටත් සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටයුතු සහ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදුවන බවයි විදුලි අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.
මෙනිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්ට විනාඩි 30 – 45 කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කරයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන් රාත්‍රී කාලය වැනි ඉහළ විදුලි ඉල්ලුම් කාලසීමාව තුළ දී මෙලෙස විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බවයි.