ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි.

ඊයේ (16) පස්වරුවේ රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලයක් සිදුව ඇත.

ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බිය වද්දා එම ස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙසේ මුදල් කොල්ලකා ඵලා ගොස් ඇත.

අදාළ කොල්ලකරුවන් දෙදෙනා කුඩා ගිනි අවියක් වැනි ආයුධයක් සහ පිහියක් පෙන්වා බිය වද්දා මෙම කොල්ලය සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම දර්ශන ඉන්ධන පිරවුම්හළේ සවිකර තිබූ ආරක්ෂක කැමෙරාවල සටහන්ව තිබුණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් 1,158,000ක මුදලක් මෙසේ කොල්ලකා ඇති බවටයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සැකකරුවන් පාගමනින් පැමිණ මුදල් කොල්ලකෑමෙන් අනතුරුවත් පාගමනින් බෙලෙක්කඩේ පොළ දෙසට ගමන් කර ඇති බවයි.

Exit mobile version