ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති අද (11) කොළඹ දී මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ වන විට පවතින තත්ත්වය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද පාඩු ලබමින් පවතින බවයි.
මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සම්බන්ධ වි සිටි අතර ඔහු සඳහන් කළේ, භාණ්ඩාගාරයෙන් යම්කිසි සහනයක් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ඉන්ධන මිල ද ඉහළ දැමීමට සිදු වන බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කෙළ් මේ වන විට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන බවයි.
එමෙන් ම,ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන මිල ද ඉහළ යා යුතු බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ.