මිල සුත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිළ සම්බන්ධයෙන් සළකා බලෙන නමුත් මේ සතිය තුළ ඉන්ධන මිලේ කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඇණවුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
















































