එළඹෙන 25 වනදා රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතව ඇත.
ඒ අනුව 25 වනදා සිට 28 වනදා තෙක් සින්ඩි මැකේන් මහත්මිය මෙරට රැඳී සිටීමට නියමිත බවයි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
















































