එයාර්ටෙල් ඩයලොග් සමග ඒකාබද්ධ වෙයි.

භාර්ති එයා(ර්)ටෙල් ලංකා (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඩයලොග් ආසියාටා PLC සමගින් ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙදපොළ දැනුවත් කරමින් ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ සුපුන් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ යෝජිත ගනුදෙනුව සදහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බවයි.

Exit mobile version