කොවිඩ් – 19 රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම වෛරසය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ඔක්සිටන් සැපයුම තහවුරු කර ගැනීම සඳහා රජය විසින් මීට පෙර ඔක්සිජන් ලීටර 120,000ක් ආනයනය කර ගබඩා කර තැබීමට පියවර ගෙන තිබෙයි.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව වර්ධනය හේතුවෙන් මෙම ඔක්සිජන් ලීටර ප්‍රමාණය ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇත.