කසකස්තානයෙන් මෙරටට පැමිණි ප්‍රථම ගුවන් යානය දිවයිනට ලඟා වී ඇත.

කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් එරට එයාඅස්තානා ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද (01) දිනයේ දිවයිනට ලඟා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දහවල් 01.00ට පමණ මෙම ගුවන් යානය කසකස්තානයේ – අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කසකස්තාන එයාඅස්තානා ගුවන් සේවයේ ඇති ගුවන් යානා 35 අතුරින් මෙම මංගල ගුවන් ගමන සඳහා පැමිණ ඇත්තේ ,ඒ 321-271 එන්.එක්ස්. වර්ගයේ ගුවන් යානයකි.

Exit mobile version