කසකස්ථානයේ අගනුවර “අස්තානා” යළි වෙනස් කර ඇති බව වාර්තා වේ.
මීට ඉහත දී බලයෙන් පහ කරන ලද නූර්සුල්තාන් නසර්බයෙව් විසින් අගනුවර නම නූර්-සුල්තාන් වශයෙන් වෙනස් කර තිබුණි.
ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අග නගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කිරීමට නව ජනාධිපති කාසිම් ජෝර්මාට් ටොකයෙව් කටයුතු කර ඇත.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ කසකස්ථාන ජනාධිපති ධූරය ද එක් තැනැත්තෙකුට තනි අවුරුදු 07ක කාලයකට පමණක් සීමා කරමින් ද නීතියක් සම්මත කර ඇති බවයි.
