ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසන්නේ පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවය.
එයට හේතුව මේ වන විට කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබීම බවයි ඇය පෙන්වා දෙන්නේ.
2019 වර්ෂයේ මෙරටින් පිළිකා රෝගීන් 31,800ක් වාර්ත වී ඇති බවත්, පැයකට පිළිකා රෝගීන් 04 දෙනෙක් අලුතින් වාර්තා වන බවත් පැයකට පිළිකා රෝගීන් දෙදෙනෙක් මියයන බවත් ඇය වැඩිදරටත් සඳහන් කර ඇත.
එමෙන්ම කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සිය ගුණයකින් වැඩි බවත් ඇය පෙන්වා දී ඇත.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මෙම අදහක් පළකර ඇත.