පසුගිය 22 වන දිනට අවසන්වීමට නියමිතව තිබූ මෙම වර්ෂය සඳහා වන කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් පසු එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව එම කාලය සැප්තැම්බර් මස 05 වනදා තෙක් දීර්ඝ කර ඇති බවත් ය.
මහබැංකුව විසින් මෙලෙස අයදුම්පත් කැඳවා තිබුණේ බැංකු,ආයෝජන ආයතන සහ පුද්ගලික ආයෝජකයින්ට අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් වන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට වන අතර එම මූල්‍ය පහසුකම වසරක කාලයක් බලපැවැත්වෙන බවද මහ බැංකුව සඳහන් කර ඇත.