බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් ශ්‍රී ලංකාවේ පවත්නා සමස්ථ ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බවයි.
එතුමා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවති බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ය.
ඒ අනුව පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සහ සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරමින් සඳහන් කළේ ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේ දී රටක් ළිං 07ක් කැණීමේ දී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31ක් කැණීමට සිදුවූ බවත් ය.
නමුත් ශ්‍රී ලංකාවේ කැණිම් කරන ලද ළිං 4 අතුරින් 3ක්ම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බවයි එතුමා සඳහන් කර ඇත්තේ.
එම සම්පූර්ණ ලිපිය පහතින්,