කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා බලා පිටත්ව යාමට පැමිණි කැනේඩියානු යුවළක් අද (21) ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඔවුන් සතුව තිබී පතොරම් කොපුවක් හමුවූ බැවින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එම හිස් පතොරම් කොපුව කාම්බෝජයේ සංචාරයක් අතරතුර අහුලා ගත් බවට මෙම යුවළ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ වෙත පවසා ඇති බවට අනාවරණය වේ.














































