ඊයේ දිනයේ දී කිරිපිටි සඳහා වූ පාලන මිල ඉවත් කිරීමත් සමග අද (08) දිනයේ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් කිරිපිටි සඳහා වන නව මිල ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රු.350කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුව රු.140කින් මිල ඉහළ දැමීම සඳහා තීරණය කර ඇති බවයි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රු.1300ක උපරිම මිලකටත් ග්‍රෑම් 400 කිරි පැකට්ටුව රු.520ක උපරිම මිලකටත් අලෙවි කිරීම සඳහා තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුදල් අමාත්‍යංශය විසින් ද යම් බදු පැනවීමක් සිදුකළහොත් මෙම මිල ගණන් තව දුරටත් ඉහළ යා හැකි බවයි.