කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් පෙන්වා දෙන්නේ ආනයනික කිරිපිටි රැගත් නෞකාවල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මේ වන විට පවත්නා කිරිපිටි හිඟය තවත් මාස 02ක පමණ කාලයක් පැවතිය හැකි බවයි.
ආනයනික කිරිපිටි මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන් බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට බාධා පැමිණ ඇති බව ද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
මෙම ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පවත්නා ගැටලු හේතුවෙන් පාරිභෝගිකයා අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර දේශීය කිරිපිටි නිෂ්පාදකයින් විසින් ගතයුතු බව ද ඔහු මෙහි දී පෙන්වා දී ඇත.