යුද සමයේ දී එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් මුලතිව්, පුදුකුඩුඉරුප්පු යන ප්‍රදේශයන්හි සඟවා ඇති බව පවසන රත්‍රං තොග සොයා ගිය කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරුන් දෙදෙනෙක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
අදාළ ලේකම්වරුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට අයත් දෙදෙනෙක් බවට මේ වන විට අනාවරණය වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම සිද්ධියට අදාළ සිය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදුකරන ලෙසත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.