කොවිඩ් හේතුවෙන් සමස්ත මිනිස් සමාජයම බිදී වැටී තිබෙන අවධියක් වුවත් ශ්‍රී ලංකා රජය මගින් විවිධ ආයතන මගින් ලබා ගෙන ඇති ණය සදහා ණයකරුවන්ට විවිධ සහන ලබා දී තිබේ. එසේ වුවත් ඒවා ක්‍රියාත්මක නොවන බවද ආයතනවල වැරදි හේතුවෙන් ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ගේ සිට පහලට සියලු ජනතාවන් දැඩි අපහසුතාවයන්ට පත් වන අවස්ථා දක්නට තිබේ. කොමර්ෂල් බැංකුව නිසාද පසු ගිය දිනෙක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු දිවි නසා ගත් අයුරුද වාර්තා විය. එසේම මෙවැනි මුදල් සමාගම් නිසා ජනතාව දැඩි අපහසුතාවයන්ට පත් වන්නේ ඔවුන්ගේ නීති විරෝදී හැසිරීම් නිසාමය. මේ කතාවද එවැනි කතාවකි.
පැල්මඩුල්ල ප්‍රදේශයේ පදින්චිකරුවෙකු වූ එස් පී වයි යසිත් සෙනෙවිරත්න මහතා තම වන රථයට ස්පීඩ් ඩ්‍රාෆ්ට් වර්ගයේ ණය් ලබා ගන්නේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයෙනි. ඒ ණය අංක CB 11007 BQM යටතේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් මහරගම ශාඛාවෙනි. ඔහු තම වෑන් රථය පුද්ගලික ආයතනයකට යොදවා ලැබෙන මුදලින් ණය මුදලද ගෙවාගෙන ගියද , කොවිඩ් නිසා අදායම අහිමි වුයෙන් වෙනත් රැකියාවක් සදහා හදිසියේම විදේශ ගත වී ඇත. විදේශ ගත වන විට තම බිරිඳට සියල්ල පවරා ඇටර්නි බලපත්රයක්ද ලියා ඇත.
දැන් මේ වන විට එම ණය මුදල අලුත් කරගෙන නැවත ගෙවාගෙන යාමට අවශ්‍ය වී තිබුනද මෙම ඇටර්නි බලපත්‍රය තුලින් එය කල නොහැකි බවද, එසේ කිරීමට නොහැකි හේතුව ලෙස එය ලියාපදිංචි කර නොමැති නිසා බවද සදහන් කල බව කිය වේ. නමුත් එය ප්‍රතික්ෂේප කරන බවට ලිපියක් ඉල්ලුවද එය ඔවුන් ලබා නොදෙන බවද කිය වේ.
පවතින කොවිඩ් අර්බුදය හමුවේ ඔහුටද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තිබේ නම් ඔහුගේ කාරුණික ඉල්ලීම ඉටු කර දීමට මේ මුදල් සමාගමට නීතිමය වශයෙන් හැකියාවක් නැත්තේ නැත. ඇටර්නි බලපත්‍රයක් අනිවාර්යෙන්ම ලියාපදිංචි කල යුතු බව ශ්‍රී ලංකාවේ නීතියක්ද නැත. ඒ සදහා විනිශ්චිත නඩු තීන්දුද තිබේ.
ඔවුන් පවසන අයුරින් මේ සදහා ඔවුන්ට වෙනමම ඇටර්නි බලපත්‍රයක් ද අවශ්‍ය වේ. මෙම ආයතනද නීතිය නොදන්නා අතර ශ්‍රී ලාංකික පුරවැසියන්ද නීතිය නොදනි. ආයතන නීතිය දැන ගත්තද ඔවුන් ලඟ කිසිදු මානුෂීය හැගීමක් මෙන්ම නීතියට ගරු කිරීමක් නැති බවද පැහැදිලිවම දක්නට තිබේ.
මේ අයුරින් විවිධ උපක්‍රම භාවිතා කරමින් තම මඩිය පමණක් තර කරගන්නා මුදල් සමාගම් වල හිමි කරුවන් සහ සේවකයන් මරනින් පසු කොයි ලොව යන්නේ දැයි රාවණා ලංකා අපට ද නිසි ලෙස වැටහෙන්නේ නැත. එකම රටක් එකම නීතියක් වුවද මිනීමරු ,නීතියක් හෝ සදාචාරයක් නැති බැංකු හෝ මුදල් සමාගම් යටතේ කිසිදු මිනිසෙකුට නිවහල් රාජ්‍යක් උරුම නොවනු ඇත.