කොවිඩ් වසංගතයෙන් දෙමාපියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
“ඉටුකම කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර මේ සඳහා අයදුම්පත් යොමුකරන ආකාරය පහතින්,
01. මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත
02. දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
03. මරණය සිදු වූ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපිය
04. දරුවන් පාසල් යන බවට විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපිය සමඟ අයදුම්පත්
ඉහත ආකාරයට අයදුම්පත සකස් කර ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර “කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම” ලෙස සටහන් කර, ලේකම්, කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන ලිපිනය වෙත යොමු කළයුතුව ඇත.