වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරන්නේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් ආසාදිතයින්ගේ යම් මට්ටමක වැඩි වීමක් නැවත දක්නට තිබෙන බවයි.
පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මෙන් ම පොදු ස්ථානවල ගැවසිමේදි ,සෙසු කටයුතුවලදීත් විශේෂ අවධානයකින් යුක්තව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන් ම මේ වන විට රෝහල් වෙත පැමිණෙන පුද්ගලයින් සඳහා මෙන් ම තෝරාගත් ස්ථානයන්හි ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමටද අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ පුද්ගලයින් ඒකරාශීවීම් සිදුවන රැස්විම් ආදී ක්‍රියාකාරකම් හේතුවෙන් රට යළිත් අනතුරුදායක තත්ත්වයකට බඳුන්විය හැකි බැවින් එවැනි කටයුතුවලින් ඈත් වී සිටින ලෙසයි.