පුත්තලමේ පදිංචි චකිලා මදුවන්ති මහත්මිය හදිසියේ රෝහල් ගතවන්නේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වන අතර ඇය ඒ වන විටත් මාස 07ක ගැබිණියක්ව සිටි අතර දින 14ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත.
පසුව ඇය සති 34 දී අධි රුධිර පීඩනය හේතුවෙන් යළිත් රෝහල් ගතකළ අතර ඇය තුන් නිවුන් දරුවන් බිහි කිරීමට සූදානමින් සිටි මවකි.
ඇයගේ තත්ත්වය පිළිබඳව රෝහලේ වෛද්‍යවරුන්ද දැඩි අවධානයක් දැක්වූයේ නිවුන් දරුවන් තිදෙනෙක් බිහිකිරීමට සූදානම්ව සිටි මවක් නිසාවෙනි.
ඇයගේ ගර්භනීභාවයේ 35 වන සතියේ දී ඇයව සිසේරියන් සැත්කමකට යොමු කර දරුවන් තිදෙනා බිහිකරන්නට සමත්වූයේ පුත්තලම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පී.බී.වලිසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ ය.