දින 56ට පමණ ඉහත දී ගම්පල රෝහලේදී අතුරුදහන් වූ කොවිඩ් වැළඳී සිටි සැරයන්වරයාගේ මළසිරුර ගම්පල රෝහලේ ජල ටැංකියක තිබියදී සොයාගෙන ඇත.
සොයාගන්නා විට දින 56ක් ගතව තිබුණ ද මළසිරුර හඳුනාගත හැකි අයුරින් ආරක්ෂාකාරී ලෙස තිබීම සැකයට කරුණක් වී තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ සැරයන් වරයෙක් වන එස්.ඉලන්බෝවන් නමැති අයෙක් වන අතර ඔහු මීට පෙර තොණ්ඩමන් ඇමතිවරයාගේ ආරක්ෂකයෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.
මොහු ඇතුළු මොහුගේ පවුලේ සියලුදෙනාට කොවිඩ් වැළඳී ඇති අතර සැරයන්වරයාට කොවිඩ් ආසාදනය හේතුවෙන් බරපතල රෝග ලක්ෂණ මතුවීම නිසා රෝහල්ගත කර ඇති බව පැවසේ.
ඒ අනුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් මස 08 වන දා සැරයන්වරයා වාට්ටුවෙන් අතුරුදන් වී ඇත.
එතැන් සිට පු\න්ඩලුඔය ,කොත්මලේ ගම්පල පොලිසිවලින් පරීක්ෂණ සිදුකළ ද ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැත.