මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වන්නේ නම් එයට වගකිව යුත්තේ විෂයභාර අමාත්‍යවරයා බවයි.
සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තාක් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්ර කරන බවයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මේ වන විට ආරම්භ කර ඇති සෞඛ්‍ය වෘත්තීය සමිති ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇති අතර එසේ විසඳුම් නොලැබුණහොත් වර්ජනයන් සඳහා ද යොමුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.