පසුගිය දින ගෑස් පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ සිව්දරු මවගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා නීතියේ සහය පැතීමට සූදානම් ව ඇත.
කුණ්ඩසාලේ නත්තරන්පොත ප්රදේශයේ නිවසක් තුළ ගෑස් උඳුනක් පිපිරීයාමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටිය දී අදාළ 53 හැවිරිදි සිව් දරු මව ජීවිතක්ෂයට පත්වුණි.
මේ වන විට ඇයගේ සැමියා සහ ඥාතීන් විසින් අදාළ ගෑස් සමාගමට විරුද්ධව නඩු පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා සඳහන් කළේ මේ පිළිබඳව අදාළ සමාගමට විරුද්ධව නඩු පැවරීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බවත්, එසේ සිදු කරනු ලබන්නේ ඉදිරියේ දී හෝ මෙවන් විනාශයන් සිදු වීම නවතා දැමීමේ අරමුණින් බවත් ,මේ සම්බන්ධ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බවත් ය.