ලිට්‍රො සමාගම විසින් ආනයනය කරන ලද නෞකාවේ ගෑස් මෙරටට ගොඩබෑම් අත්හිටුවන ලෙසට පාරිභෝගික අධිකාරිය විසින් අදාළ සමාගම වෙත උපදෙස් ලබා දී ඇත.
පසුගිය දිනක මෙරටට ගෙන්වන ලද ගෑස් මෙට්‍රික්ටොන් 3,700යේ ප්‍රමිතිය පිළිබඳව පාරිභෝගික අධිකාරිය ,ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු කණ්ඩායම් කිහිපයක් ප්‍රශ්න කර ඇත.
අදාළ ප්‍රශ්න කිරීමෙන් එම ගෑස් වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ලෙස පවතින බව වාර්තා වී ඇති නමුත් එහි “එතිල් මකැප්ටාන්” නමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියෙන් නොපවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඊයේ (14) දිනයේ දී මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ තාක්ෂණික කමිවුව රැස්වී ඇති අතර එහි දී ඔවුන් එළඹි නිගමනය අද (15) පෙරවරුවේ ලබාදී ඇති බව ද පාරිභෝගික අධිකාරාය විසින් සඳහන් කර ඇත.