මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ගෑස් ආශ්‍රිතව සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් ගතයුතු මූලික පියවර පිළිබඳ විශේෂඥ නිරීක්ෂණ වාර්තාවක් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී ඇති බවයි.
දිවයින තුළ ගෑස් අනතුරු හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වයෙන් අනතුරුව ප්‍රදේශ 12කින් ලබා ගන්නා ලද ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව මේ වන විට සකස් කරන බවත් , එම වාර්තාව හෙට (01) දිනයේ පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කර ඇත.
මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කළේ එම සාම්පලවලට අදාළව ඒවායේ ගෑස් සංයුතිය පරීක්ෂා කර බලා සිය මතය ද ඇතුළත් වන පරිදි එම වාර්තාව ඉදිරිපත් කරන බවයි.