ගෑස් මිල සම්බන්ධයෙන් අවසන් තීරණය අද (10) දිනය ඇතුළත දී ලබාදීමට නියමිත බවයි ලිට්‍රො ගෑස් සමාගම සහ ලාෆ් ගෑස් සමාගම පවසන්නේ.
ඒ අනුව අද (10) දිනයේ දී ලබාදෙන අවසන් තීරණය මත පදනම්ව හෙට (11) සිට එම නව මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා සඳහන් කළේ.
පසුගිය දිනෙක ගෑස් සමාගම විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජීවන වියදම් කමිටුව ගෑස් මිල රු.550කින් ඉහළ නැංවීමට අනුමැතිය ලබා දී තිබුණ ද, කැබිණට් මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දී නොමැත.
පසුව එම සමාගම් විසින් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම් හේතුවෙන් සිමෙන්ති,ගෑස්,කිරිපිටි සහ තිරිඟු පිටි යන නිෂ්පාදන මත පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.