ඊයේ (21) රාත්රියේ දී පෝද්දල – කාසිදෙණිය ප්රදේශයේ පදිංචි ගුරුවරයෙකුගේ නිවසට පැමිණ 16 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ පිරිමි ළමයෙක් ගුරුවරයාට පිහියෙන් ඇන පළාගොස් ඇති බවට පොද්දල පොලිසිය තොරතුරු වාර්තා කරයි.
වයස අවුරුදු 45 හැවිරිදි බද්දේගම ශාන්ත අන්තෝනි විදුහලේ ගුරුවරයෙක් මෙලෙස පිහි ඇනුමට ලක් වී ඇත.
පිහි ඇනුමින් තුවාල ලද ගුරුවරයා මේ වන විට බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අදාළ ගැහැණු ළමයාගේ මව සහ තුවාල ලැබූ ගුරුවරයා අතර අනියම් සම්බන්ධයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා එම කාන්තාවගේ දියණිය ගුරුවරයාගේ නිවසට ගිය අවස්ථාවේ සිදු වූ බහිම් බස් වීමකින් මෙසේ පිහි ඇනුමක් සිදුව ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු පොද්දල පොලිසිය විසින් සිදු කරනු ලබයි.