ගෙල බැදි රන් මාලය කැඩූ සොරුන් සොයා විමර්ශන.

පානදුර බණ්ඩාරගම මාර්ගයේ එළුවිල මංසන්ධියේ පවත්වා ගෙන ගිය ත්‍රීරෝද රථ අමතර කොටස් වෙළදසැලකට ගෙන ආ අමතර කොටස් ගොඩ බාමින් සිටියදී වෙළදසැල් හිමියාගේ බිරිදගේ ගෙල බැදි රන් මාලය යතුරුපැදියකින් ආ සැකකරුවන් දෙදෙනෙකු විසින් කොල්ල කා පලා යන ආකාරය ඒ අසළ CCTV කැමරාවක සටහන්ව තිබූ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව විසින් පානදුර දකුණ පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව කියයි.

Exit mobile version