චීන විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි.
මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය සහය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම සංචාරය සිදුවන බවයි එම මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ චීන විදේශ කටයුතු අමාත්‍ය චැන්ගී යී මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතවීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එළඹෙන 08 වනදා චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇති බවයි.
එම නිල සංචාරය තුළ දී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙරටට ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.















































