ජනරාල් ශවේන්ද්‍ර තරුණයන්ට ආයාචනා කරයි.

මැයි මස 09 වැනිදා සිධියේදී මෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක ප්‍රධානින් එකතුව ශ්‍රී ලංකාවේ නීතිය සහ සාමය පවත්වාගෙන යාමට සහාය දෙන ලෙස ශ්‍රී ලංකාවාසි සියලුම පුරවැසියන්ගෙන් ආයාචනය කරන ලදී.

මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් යුධ, ගුවන් සහ නාවික හමුදා pතිවරුන් සහ පොලිස්පතිගේද සහාබාගීත්වයෙන් එම නිවේදනය නිකුත් කරන ලදී,

එහිදී වැඩිදුරටත් තරුණ ප්‍රජාවගෙන් ඔහු ඉල්ලා සිටියේ පොදු දේපල සියල්ලම ආරක්ෂා කරන ලෙසත්, රටේ පවතින තත්වය ව්‍යවස්ථාවට අනුව විසදගන්නා තෙක් සාමකාමිව කටයුතු කරන ලෙසත් , ඒ සදහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහය වන ලෙසයි.

පෙර මෙන් නොව අද කල ප්‍රකාශය මෙන්ම වර්තමනාය තුල ගැටුම් අවම කරගනිමින් ආරක්ෂක අංශද ජනතාව සමග සමීපව කටයුතු කරන අතර යම් යම් ගැටළු තිබුනත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් වල තත්වය ඉතාම ඉහලින් තබා ගනිමින් නීතිගරුකව ක්‍රියාත්මක විය. අරගලය තුල ඔවුන්ගේ හැසිරීම් වලින් එය පෙන්වා දීමට දිගින් දිගටම සමත් විය. එය අනාගත ලෝකයේත් ශ්‍රී ලංකා හමුදාවට විශාල ගෞරවයක් ලැබීමට හේතුවකි. නමුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එම සියල්ලටම ඉහලින් තම තත්වය දිගින් දිගටම විනාශ කරගනිමින් සිටී.

Exit mobile version