ජනාධිපති කොමිෂන් සභා කිහිපයක කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
හිටපු ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා 10කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් පසුගිය දා උද්ගත විය.
ඊට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.
කෙසේ නමුත් මෙම ජනාධිපති කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව එවායේ කාලසීමාව දීිර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇත.