රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීම සම්බන්ධ ගිවිසුම සඳහා එක් දිනකින් තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් පැනනැගී ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (10) දිනයේ දී යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීම සම්බන්ධ ගිවිසුම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.
පසුගිය සැප්තැම්බර් මස 14වනදා ශ්‍රි ලංකා රජය සහ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම වෙනුවෙන් එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් එල්.එල්.සී.සමාගම මෙම ගිවිසුමට එළඹ තිබුණි.
එලෙස ගිවිසුම් ගතවීමට පෙර ජූලි මස 09 වනදා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ තක්සේරු වටිනාකමේ වාර්තාවක් මුදල් අමාත්‍යංශය විසින් ඉල්ලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රධාන තක්සේරුකරු ඩී.එස්.මුතුකුමාරණගේ මහතාගේ අත්සනින් යුක්තව එක් දිනක් තුළ දී තක්සේරු වාර්තාවක් නිකුත් කර ඇත.
බලාගාරයේ කොටසක වටිනාකම රුපියල් 1155ත් 1252ත් අතර වනසේ අදාළ තක්සේරුව ලබා දී ඇත.