පොල්හේන්ගොඩ,කුමාරතුංග මාවතේ පිහිටි ආපන ශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරී ගොස් ඇත.
අද (07) පස්වරුවේ මෙම පිපිරීම සිදුව ඇති අතර ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ඇති වූ පිපිරිම් සම්බන්ධයෙන් වාර්තා වූ ආසන්නතම සිදුවීම ද මෙය වේ.
කිසිදු පුද්ගලයෙකුට අදාළ පිපිරීමෙන් හානි සිදුව නොමැති අතර ආපන ශාලාවට අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.
කිරුළපන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අතර පොලිසිය සඳහන් කළේ රෙගියුලේටරය අසලින් ගැලවී ගොස් මෙම පිපිරීම සිදුව ඇති බවයි.