බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය විසින් ප්‍රදේශයේ පවත්නා කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරය වසා දැමීමට තීරණය කර ඇත.
මේ අනුව අද (17) දින සිට දින 6ක කාලයක් නගරයේ සියලු වෙළඳ සැල් වසා දැමෙන අතර යළිත් විසි තුන්වනදා වෙළඳසැල් විවෘත කිරීමට තීරණය කර ඇත.
එසේම බදුල්ල හා ත්‍රිකුණාමලය යන නගරවල සියලුම වෙළඳසැල් ද හෙට (18) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙන අතර, වෛරස ව්‍යාප්තිය හමුවේ අම්බලන්ගොඩ හා රත්නපුර යන නගරවල ද වෙළඳසැල් වසා දමා නගරය තුළ සංචරණ සීමා කිරීමට ඊයේ (16) දින කටයුතු කෙරිණි.