මේ වන විට දිවයිණ පුරාවට එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර එම එන්නත්කරණයේ ඇති සාර්ථකත්වය මෙන් ම මේ වන විට රට තුළ මෙම වෛරසය පැතිරෙමින් යන වේගය තක්සේරු කරන විට ඔක්තෝබර් මාසය අවසන් සතිය වන විට ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඇති වී මෙම අතිශය පීඩාකාරී භයානක තත්වය පහව යා හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ අචාර්ය චන්දිම ජයසුන්දර මහතා ප්‍රකාශ කරන්නේ.
එසේ සිදුවිය හැක්කේ නව ප්‍රභේදයන්ගෙන් කරදරයක් සිදු නොවුනහොත් පමණක් බවද ඔහු පවසා ඇත.
මේ පිළිබඳව ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ විශේෂ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමිනි.