තෙල් පිරිපහදුව යළි ඇරඹෙන ලකුණු

ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ බොරතෙල් අඛණ්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදු සංකීර්ණයේ කටයුතු යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

අද (17) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුව මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

අදාළ සාක්ඡාවේ දී සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස තෙක් වන කාල සීමාව තුළ දී බොරතෙල් ගෙන්වීමේ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළ බවයි එම ට්වීටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.

Exit mobile version