සිංහ කොදෙව් ගැටුමේ දෙවන දින වන අද (30) දිනයේ ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 204කට සීමා කිරීමට කොදෙව්වන් සමත් වී ඇත.
ඒ අනුව තරඟය අද දෙවන දිනට ආරම්භ කරන විට ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 113ක් රැස්කර සිටි අතර කොදෙව් පන්දු යවන්නන් ශ්රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 09 ලකුණු 91කට බිඳ හෙළන ලදී.
එහි දී වීරසමී ෆමෝල් විසින් ලකුණු 35කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුණි.
ශ්රී ලංකා ක්රීඩක පැතුම් නිශ්ශංක ලකුණු 73ක් ලබා ගත් අතර කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ලකුණු 42ක් රැස් කිරීමට සමත් වීය.