දියේ ගිලී විදේශිකයෙක් ජීවිතක්ෂයට .

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගොස් විදේශ ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම තරුණයා ඊයේ (07) සවස් කාලයේ දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන අනතුරුව කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.

මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සදහන්.

Exit mobile version