පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක් නාය යෑමේ අවධානමක් පවතින දිස්ත්‍රික්ක බවට නම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රත්නපුර , නුවරඑළිය , මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නාය යෑමේ අවධානමක් පවතින බවත් හෙට පස්වරු 5 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය නිවේදනය කර තිබේ.
